ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:21 - Sinhala New Revised Version

එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ යේහු ඉශ්‍රායෙල් රට මුළුල්ලේම පණිවිඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්වත් නෑවිත් නොසිට සියල්ලෝම බාල්ගේ ගෘහයට ඇතුල් වුණෝය; බාල්ගේ ගෘහය එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරී ගියේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:21
7 හුවමාරු යොමු  

ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය.


ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, “බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙ‍න්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය.


දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.


මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.


මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.


ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය.