ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නැ”යි කී ය.
2 රාජාවලිය 10:18 - Sinhala New Revised Version තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, “ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයින් සේවය කරන්නේ ය. Sinhala New Revised Version 2018 තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, “ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයින් සේවය කරන්නේ ය. Sinhala Revised Old Version තවද යේහු මුළු සෙනඟ රැස්කර ඔවුන්ට කථාකොට: ආහබ් බාල්ට ස්වල්ප වශයෙන් සේවයකෙළේය. නුමුත් යේහු ඔහුට බොහෝසෙයින් සේවය කරන්නේය. |
ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නැ”යි කී ය.
එවිට එලියා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු ව, ඉතිරි ව සිටින්නේ මම පමණකි. එහෙත්, බාල් දේවතාවාගේ දිවැසිවරු හාරසිය පණස්දෙනෙක් සිටිති.
එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.
ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පියා ද මවු ද මෙන් නපුරු නො වී ය. මන්ද, ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භ පහකෙළේ ය.
එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.