Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:19 - Sinhala New Revised Version

19 එබැවින් බාල්ගේ සියලු දිවැසිවරුන් ද ඔහු අදහන සියල්ලන් ද සියලු පූජකයන් ද එක් කෙනෙකු වත් නෑර මා වෙත කැඳවාගෙන එන්න. මන්ද, බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නට මට වුවමනා වී තිබේ. නොඑන සියල්ලෝ ම මරණයට පත් වන්නෝයැ”යි කී ය. එහෙත්, ජේහු බාල් අදහන්නන් නැති කරන පිණිස ප්‍රයෝගයෙන් එසේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබැවින් බාල්ගේ සියලු දිවැසිවරුන් ද ඔහු අදහන සියල්ලන් ද සියලු පූජකයන් ද එක් කෙනෙකු වත් නෑර මා වෙත කැඳවාගෙන එන්න. මන්ද, බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නට මට වුවමනා වී තිබේ. නොඑන සියල්ලෝ ම මරණයට පත් වන්නෝයැ”යි කී ය. එහෙත්, ජේහු බාල් අදහන්නන් නැති කරන පිණිස ප්‍රයෝගයෙන් එසේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එබැවින් බාල්ගේ සියලු ප්‍රොපේතවරුන්ද ඔහු අදහන සියල්ලන්ද සියලු පූජකයන්ද එක්කෙනෙක්වත් නෑර මා වෙතට අඬගහගන එන්න. මක්නිසාද මා විසින් බාල්ට මහත් පූජාවක් ඔප්පුකරන්ට තිබේ; නේන සියල්ලෝම මරණයට පත්වන්නෝයයි කීවේය. නුමුත් යේහු බාල් අදහන්නන් නැතිකරන පිණිස ප්‍රයෝගයෙන් ඒක කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:19
11 හුවමාරු යොමු  

එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.


ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල්‍ කන්දට රැස් කරන්නැ”යි කී ය.


අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.


එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.


ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.


අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.


ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?


තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, “ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයි‍න් සේවය කරන්නේ ය.


එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්