නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.
2 යොහන් 1:8 - Sinhala New Revised Version ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. සිංහල කාලීන පරිවර්තනය අප ඉටු කළ වැඩ අපතේ නො යවා, ඒ සඳහා සම්පූර්ණ ත්‍යාගය ඔබ ලබන පිණිස පරෙස්සම් වන්න. Sinhala New Revised Version 2018 ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. Sinhala Revised Old Version අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න. |
නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න.
“එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත.
උන් වහන්සේ කතා කොට, “මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න.
ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය.
පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.
ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු, දුක් පීඩා හා සමඟ මහා සටනක යෙදෙමින් ස්ථීර ව සිටි ඒ මුල් කාලය සිහි කරන්න.
කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,