2 පේත්‍රැස් 2:7 - Sinhala New Revised Version එහෙත් උන් වහන්සේ අභක්තික මනුෂ්‍යයන්ගේ අනාචාර හැසිරීම ගැන සංවේගයට පත් වූ දැහැමි මිනිසෙකු වන ලොත් ගළවාගත් සේක. සිංහල කාලීන පරිවර්තනය අසංවර මිනිසුන්ගේ දූෂිත ජීවිත පැවැත්ම නිසා සංවේගයට පත් ධර්මිෂ්ඨ මිනිසකු වූ ලොත් උන්වහන්සේ මුදා ගත් සේක් නම්, Sinhala New Revised Version 2018 එහෙත් උන් වහන්සේ අභක්තික මනුෂ්‍යයන්ගේ අනාචාර හැසිරීම ගැන සංවේගයට පත් වූ දැහැමි මිනිසෙකු වන ලොත් ගළවාගත් සේක. Sinhala Revised Old Version දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද, |
එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.
කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.
එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.
ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.
මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.
පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.
ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.
බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.
මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.