2 තිමෝති 2:6 - Sinhala New Revised Version අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය. සිංහල කාලීන පරිවර්තනය අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියාම ය. Sinhala New Revised Version 2018 අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය. Sinhala Revised Old Version වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය. |
උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: “ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය.
රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න.
මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය.
වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.