ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි.
2 කොරින්ති 11:6 - Sinhala New Revised Version මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි. සිංහල කාලීන පරිවර්තනය මා කතාවට අදක්ෂ නමුත්, දැනගැන්මෙන් එසේ නැත. සැබවින් ම, හැම දේකදී ඒ වග ඔබට පැහැදිලි වන අයුරින් අප කටයුතු කර ඇත. Sinhala New Revised Version 2018 මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි. Sinhala Revised Old Version මම කථාවට නිවට නුමුත් දැනගැන්මෙන් නිවට නොවෙමි; එපමණක් නොව අපි හැම දෙයින්ම සියල්ලන් අතරේ නුඹලා උදෙසා ඒ බව ප්‍රකාශකළෙමුව. |
ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත.
අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචනවලින් ය.
‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.
සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.
ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.
සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු.
ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු.
මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය.