ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 9:10 - Sinhala New Revised Version

ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝද සාලමොන්ගේ සේවකයෝද හඳුන් ලී සහ අනර්ඝ ගල් ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 9:10
8 හුවමාරු යොමු  

ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.


මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.


ලෙබනොන්හි සිට කිහිරි ලී ද දේවදාර ලී ද හඳුන් ලී ද මා වෙත එවුව මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කැපීමෙහි දක්ෂ බව මම දනිමි. මාගේ මෙහෙකරුවන් ඔබේ මෙහෙකරුවන් සමඟ වැඩ කරනු ඇත.


හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.


රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරෙහිත් පඩිපෙළවල් ද ගායකයන්ට වීණා සහ කුඩා වීණා ද සෑදෙව්වේ ය. ඊට කලින් එබඳු ඒවා ජුදා දේශයේ නොදක්නා ලදී.


තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.


ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.