2 ලේකම් 5:4 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන Sinhala Revised Old Version ඉශ්රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය උසුලාගන, |
එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.
කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ.
පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය.
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.
ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.