Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:2 - Sinhala New Revised Version

2 එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:2
17 හුවමාරු යොමු  

එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.


එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.


සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.


ඔවුන්ගෙන් සමහරු පූජකයන් ද ලෙවීවරුන් ද වශයෙන් මම පත් කරමි.


සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, “ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්,


එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.


තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.


කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය.


“ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.


නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්