ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 36:4 - Sinhala New Revised Version

ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ සහෝදරවූ එලියාකීම් යූදා සහ යෙරුසලම කෙරෙහි රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකීම්ය කියා වෙනස්කෙළේය. තවද නෙකෝ ඔහුගේ සහෝදරවූ යෝවාහාස් රැගෙන මිසරයට ගියේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 36:4
7 හුවමාරු යොමු  

ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.


මිසරයේ රජ තෙමේ ජෙරුසලමේ දී ඔහු නෙරපා රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත්, දේශයට දඩගසා,


ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.


ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ රජ සමය මුල දී, සමිඳාණන් වහන්සේගේ වචනය ජෙරමියා වෙත පැමිණියේ ය.