2 ලේකම් 32:28 - Sinhala New Revised Version ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය. Sinhala New Revised Version 2018 ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය. Sinhala Revised Old Version ධාන්‍යවල අස්වැන්නටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ගබඩාද, සියලු ආකාර මෘගයන්ට පට්ටිද, රැළවලට ගාල්ද සෑදෙවුවේය. |
“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.
හෙසකියා බොහෝ වස්තුව හා කීර්තිය භුක්ති වින්දේ ය. ඔහු රන් රිදීවලටත්, අනර්ඝ මැණික් ගල්වලටත්, සුවඳ ද්‍රව්‍යවලටත්, පලිස්වලටත්, සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩා ගෙවල් ද,
දෙවියන් වහන්සේ ඔහුට අතිශයින් ම සම්පත් දුන් නිසා ඔහු නගර ද බොහෝ එළු බැටළු ගව පට්ටි ද සපයා ගත්තේ ය.