Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:28 - Sinhala Revised Old Version

28 ධාන්‍යවල අස්වැන්නටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ගබඩාද, සියලු ආකාර මෘගයන්ට පට්ටිද, රැළවලට ගාල්ද සෑදෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:28
6 හුවමාරු යොමු  

ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.


සාලමොන්ට ඔහුගේ රථවලට ගාල් සතළිස් දහසක අශ්වයෝ සිටියෝය, අසුරුවන් දොළොස් දහසක්ද සිටියෝය.


එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.


ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක.


හෙසකියාට වස්තුද ඓශ්චර්යද අතිශයින්ම තිබුණේය. ඔහු රන් රිදීවලටත් අනර්ඝ ගල්වලටත් සුවඳ ද්‍රව්‍ය වලටත් පලිස්වලටත් සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩාගෙවල්ද,


දෙවියන්වහන්සේ ඔහුට සම්පත් අතිශයින්ම දුන් නිසා ඔහු නුවරවල්ද බොහෝ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද සපයාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්