2 ලේකම් 31:6 - Sinhala New Revised Version ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ. Sinhala New Revised Version 2018 ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ. Sinhala Revised Old Version යූදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යූදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය. |
ඔහුට කතා කොට, “සමිඳාණන් වහන්සේ සෑදීමට අණ කළ වැඩය සඳහා උවමනාවට වඩා දේවල් සෙනඟ ගෙනෙන්නාහ”යි කී හ.
“කෙත්වතුවල ධාන්‍යයෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ ඇති වන භූමියේ මුළු අස්වැන්නෙන් දහයෙන් පංගුවක් සමිඳාණන් වහන්සේට කැප වූවකි. එවැන්නක් උන් වහන්සේට ශුද්ධ වස්තුවකි.
“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය.