ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 30:3 - Sinhala New Revised Version

දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 30:3
8 හුවමාරු යොමු  

ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.


එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.


යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.


මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.


ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි.


පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.


පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.


එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.