Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:15 - Sinhala New Revised Version

15 යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:15
16 හුවමාරු යොමු  

එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.


ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය.


මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.


තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය.


එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.


සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,


දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.


සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව,


දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ.


පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ.


සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.


මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.


පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්