2 ලේකම් 2:13 - Sinhala New Revised Version ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි. Sinhala New Revised Version 2018 ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි. Sinhala Revised Old Version ඉතින් මට පියෙක්වූ, ප්‍රඥාවන්තවූ, නුවණින් යුක්තවූ මනුෂ්‍යයෙක් වන හූරාම් එවමි. |
තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක.
ඔහුගේ මව දාන්ගේ ගෝත්‍රයේ ස්ත්‍රියකි. ඔහුගේ පියා තීර්හි වැසියෙකි. ඔබේ ශිල්පීන් හා ඔබේ පියා වන මාගේ ස්වාමී වූ දාවිත්ගේ ශිල්පීන් සමඟ ඔහු වැඩ කළ යුතු ය. ඔහු රන්, රිදී, ලෝකඩ, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්න හා කොයි යම් කැටයම් වැඩක් නමුත් කරන්න සමර්ථ වේ.
ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.
සැළි ද හැඳි ද මස් කොකු ද ඒවායේ සියලු බඩු ද ඔහු සෑදුවේ ය. ඔහුට පියෙකු වූ හූරාම්-අබි සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට ඒ බඩු ඔප දැමූ පිත්තලෙන් සෑදුවේ ය.