2 ලේකම් 2:13 - Sinhala Revised Old Version13 ඉතින් මට පියෙක්වූ, ප්‍රඥාවන්තවූ, නුවණින් යුක්තවූ මනුෂ්‍යයෙක් වන හූරාම් එවමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි. පරිච්ඡේදය බලන්න |
ඔහු දාන්ගේ දූවරුන්ගෙන්වූ තැනැත්තියෙකුගේ පුත්‍රයාය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්ය. ඔබගේ දක්ෂ මනුෂ්‍යයන්ද ඔබගේ පියවූ මාගේ ස්වාමිවූ දාවිත්ගේ දක්ෂ මනුෂ්‍යයන්ද සමඟ ඔහුට නියමකරන සියලු ආකාර වැඩ සොයා දැනගන්ටද රන්, රිදී, පිත්තල, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්ටද කොයියම් කැටයම් වැඩක් නුමුත් කරන්ටද ඔහු සමර්ථය.