බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය.
2 ලේකම් 17:9 - Sinhala New Revised Version ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය. Sinhala Revised Old Version ඔව්හුද යූදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යූදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය. |
බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය.
තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය.
සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, “ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්,
තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.
ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.
ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.
ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි.
ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.
මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.
තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය.
ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.
එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය.
යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.