Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 13:15 - Sinhala New Revised Version

15 ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 දහම් නීතියෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරි ගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:15
21 හුවමාරු යොමු  

එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී,


ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ජොහන්ගේ කාලය දක්වා විය. එතැන් සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ අස්න දේශනා කරනු ලැබේ. සියල්ලෝ ම බලවත් ඕනෑකමින් ඊට ඇතුළු වෙති.


“සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.


කවර හෙයින් ද? ජනතාවත් ඔවුන්ගේ පාලකයිනුත් උන් වහන්සේ ගැන තේරුම් නොගත්තත්, උන් වහන්සේ වරදට පත් කිරීමෙන් සත්තකින් ම කෙළේ, සෑම සබත් දිනක දී ම අප විසින් කියවනු ලබන දිවැස් වැකි සම්පූර්ණ කිරීම ය.


මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.


දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.


එවිට ඒ සියල්ලෝ ධර්මශාලාවේ මුලාදෑනියා වූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේ ඔහුට තැළූහ. එහෙත් ගලියෝ මේ ගැන සැලකුවේ නැත.


ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


“සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත.


ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව “සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ.


ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.


ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය.


“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.


එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය.


ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,


අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේ වා; ආධාර දෙන්නා ත්‍යාගශීලී ව දේ වා; මූලිකත්වය දරන්නා උද්‍යෝගිමත් ව සිටී වා; ලෙඩදුකට පිහිට වන්නා ප්‍රීතියෙන් එසේ කෙරේ වා.


එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.


එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.


අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.


සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්