ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය.
ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය.
නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.
ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.
ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.
සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”
සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, “බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද?
ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය.
ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය.