එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. මහෝත්තමයාණන්ගේ අණපණත් නොතකා හැරියෝ ය.
1 සාමුවෙ 4:11 - Sinhala New Revised Version දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය. |
එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. මහෝත්තමයාණන්ගේ අණපණත් නොතකා හැරියෝ ය.
මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.
නුඹේ වංශයෙන් ද නුඹේ පියාගේ වංශයෙන් ද කිසිවෙකු මහලු වියට නොපැමිණෙන ලෙස නුඹේ ද නුඹේ පියාගේ ද බලය මා බිඳදමන බව සිතට ගන්න.
ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත.
නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය.
මා ඒලීගේ වංශය ගැන කී සියල්ල ම, මුල පටන් අග දක්වා, ඒ දවසේ දී ඒලීට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ නිසා ද ඇගේ මාමාත්, ස්වාමි පුරුෂයාත් මළ නිසා ද ඈ, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය” කියා දරුවාට ‘ඊකාබොද්’ යන නම තැබුවා ය.