හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
1 සාමුවෙ 23:3 - Sinhala New Revised Version එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ. Sinhala New Revised Version 2018 එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ. Sinhala Revised Old Version නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යූදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය. |
හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?
සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.
එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.
ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”
සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය.
එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.