ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 22:7 - Sinhala New Revised Version

සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, “බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, “බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා නුඹලා හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? නුඹලා සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 22:7
14 හුවමාරු යොමු  

දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය.


බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.


සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.


බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය.


“දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.


දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.


සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.


අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.


එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, “හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද?


සාවුල් ඔහු අමතා, “ඔබ ද ජෙස්සේගේ පුත්‍රයා වන දාවිත් ද මට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ මක්නිසා ද? ඔබ ඔහුට ආහාර ද කඩුවක් ද දුන්නෙහි ය. ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසුවේ මන් ද? දැන් ඔහු මට විරුද්ධ ව හැරී අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ ය”යි කීවේ ය.


ඒ අවස්ථාවේ දී සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියා ව සිටි ඒදොම්හි දොවෙග් පිළිතුරු දෙමින්, “දාවිත් නොබ්හි සිටින අහිතුබ්ගේ පුත් වූ අහිමෙලෙක් වෙත පැමිණෙනු මම දිටිමි.


නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.