ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
1 සාමුවෙ 22:6 - Sinhala New Revised Version දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ. Sinhala New Revised Version 2018 දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ. Sinhala Revised Old Version දාවිත් සහ ඔහු සමඟ වූ මනුෂ්‍යයන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැලවිය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇතුව ගිබියායේ රාමාහි තිබුණු ඒෂෙල් ගස යට ඉඳගන උන්නේය, ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියෝය. |
ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.
සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය.
පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.
දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය.
එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.