ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 21:7 - Sinhala New Revised Version

තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 21:7
21 හුවමාරු යොමු  

එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි.


ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය.


එළු බැටළු පට්ටි කෙරෙහි හග්රිය ජාසිස් ද පත් ව සිටියෝ ය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන් ව සිටියෝ ය.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


“පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.


එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.


“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.


සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.


ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;


‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මාගෙන් දුරු ව සිටිති.


ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය.


සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.


දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.


දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.


දාවිත් ඔහු අමතා, “ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින් ම දන්වන බව මම ඒ දවසේ දී දැනගත්තෙමි. ඔබේ ඥාතීන්ගේ මරණයට හේතු වූයේ මම ය.


ඒ අවස්ථාවේ දී සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියා ව සිටි ඒදොම්හි දොවෙග් පිළිතුරු දෙමින්, “දාවිත් නොබ්හි සිටින අහිතුබ්ගේ පුත් වූ අහිමෙලෙක් වෙත පැමිණෙනු මම දිටිමි.