මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.
1 සාමුවෙ 21:5 - Sinhala New Revised Version දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය. Sinhala New Revised Version 2018 දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය. Sinhala Revised Old Version දාවිත් පූජකයාට උත්තරදෙමින්: සැබෑවටම දැන් තුන්දවසක් පමණ ස්ත්‍රියෝ අපෙන් වෙන්ව සිටියාහුය; මේක සාමාන්‍ය ගමනක් වුණේවී නුමුත් මා පිටත්වෙන කොට සේවකයන්ගේ භාජන ශුද්ධව තිබුණේය; කොපමණ වැඩියෙන් අද ඒවා ශුද්ධව නොතිබේදැයි ඔහුට කීවේය. |
මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.
ඔහු සෙනඟට කතා කරමින්, “තුන් වන දවසට සූදානම් වී සිටින්න; ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ”යි කීවේ ය.
මේ රොටි ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”
පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා
එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.
යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.