ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:8 - Sinhala New Revised Version

ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: නුඹලා යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස නුඹලා වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:8
5 හුවමාරු යොමු  

උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නො‍කරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.


ජෝවාබ් කතා කොට, “දැන් සිටින පමණට වඩා සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ සිය ගුණයක් වැඩි කරන සේක්වා. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔව්හු සියල්ලෝ ම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙත් ද? මාගේ ස්වාමියා මෙය අණ කර ඉශ්රායෙල්වරුන් පිට වරද පමුණුවන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය.


ඔහු ඔවුන් සමඟ කතා කරන කල, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ හමුදාවෙන් පිටත් ව අවුත් කලින් මෙන් අභියෝග කෙළේ ය. දාවිත්ට එය ඇසිණි.


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය.