Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:8 - Sinhala Revised Old Version

8 ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: නුඹලා යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස නුඹලා වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:8
5 හුවමාරු යොමු  

ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. නුඹලා ඔහුගේ සේවකයෝ වන්නහුය.


යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.


උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යූදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


ඔහු ඔවුන් සමඟ කථාකරන කල, බලව, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ සමුදාවලින් පිටත්ව අවුත් ඒ වචනවල හැටියට කථාකෙළේය. දාවිත්ට ඒවා ඇසුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්