ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:58 - Sinhala New Revised Version

සාවුල් ඔහු අමතා, “තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සාවුල් ඔහු අමතා, “තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තරුණය, නුඹ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:58
5 හුවමාරු යොමු  

ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.


සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.


දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය.


ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න.