ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 15:32 - Sinhala New Revised Version

එවිට සාමුවෙල් කතා කොට, “අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. ආගග් ද, ‘මරණයට පත් වීම කෙතරම් භයානක දෙයක් ද’ කියා සිතමින් භයෙන් වෙවුල වෙවුලා සාමුවෙල් වෙත ආවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සාමුවෙල් කතා කොට, “අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. ආගග් ද, ‘මරණයට පත් වීම කෙතරම් භයානක දෙයක් ද’ කියා සිතමින් භයෙන් වෙවුල වෙවුලා සාමුවෙල් වෙත ආවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට සාමුවෙල්: අමලෙක්වරුන්ගේ රජවූ ආගග් මා ළඟට ගෙනෙන්නැයි කීවේය. ආගග්ද: වෙවුල වෙවුලා ඔහු ළඟට ඇවිත්–සැබවින්ම මරණයේ තික්තකම පහව ගියේයයි කීය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 15:32
8 හුවමාරු යොමු  

භීතිය කෙරෙන් පලා යන්නා බොරු වළේ වැටේ; බොරු වළෙන් ගොඩ වන්නා මලපතට අසු වේ. මන්ද, මෝවබ්ට දඬුවම් දෙන අවුරුද්ද තුළ මේ සියලු විපත් ඔවුන්ට පමුණුවනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය.


‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.


එවිට ජෝෂුවා කතා කොට, “ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.


ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.


ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය.


එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.


සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.