1 සාමුවෙ 14:13 - Sinhala New Revised Version ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය. Sinhala New Revised Version 2018 ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය. Sinhala Revised Old Version යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය. |
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.
ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?
රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.
අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.
මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.
ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය.