එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.
1 සාමුවෙ 10:4 - Sinhala New Revised Version ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. Sinhala New Revised Version 2018 ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. Sinhala Revised Old Version ඔවුන් නුඹට ආචාර කොට රොටි දෙකක් නුඹට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න. |
එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.
එවිට ඔබ එතැනින් තව දුර ගොස් තාබොර්හි ආලෝන ගස ළඟට පැමිණෙන්නෙහි ය. එතැන දී දෙවියන් වහන්සේට පූජා කරන පිණිස බෙතෙල්ට යන මිනිසුන් තිදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළුපැටියන් තුන් දෙනෙකු ද එක් කෙනෙක් රොටි තුනක් ද එක් කෙනෙක් මුද්‍රිකපාන භාජනයක් ද රැගෙන යන්නෝ ය.
ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය.
එවිට ජෙස්සේ රොටි ද මිදියුස භාජනයක් ද කොටළුවෙකු පිට පටවා එළු පැටවෙකු සමඟ ඒවා තමාගේ පුත් දාවිත් අත සාවුල්ට යැව්වේ ය.