මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
1 සාමුවෙ 10:23 - Sinhala New Revised Version ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය. Sinhala New Revised Version 2018 ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය. Sinhala Revised Old Version ඔව්හු දුවගොස් ඔහු එතැනින් ගෙනාවෝය; ඔහු සෙනඟ අතරේ සිටි කල උරඉස් පටන් ඉහළට හැමදෙනාටම වඩා උස්ව සිටියේය. |
මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.
ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය.
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.
ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.