Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:4 - Sinhala New Revised Version

4 ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:4
11 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය.


ඔහු ඔවුන් සමඟ කතා කරන කල, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ හමුදාවෙන් පිටත් ව අවුත් කලින් මෙන් අභියෝග කෙළේ ය. දාවිත්ට එය ඇසිණි.


ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය.


දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”


“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.


පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි.


ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පණස්හතක් පමණ බර ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්