ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, “ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.
1 සාමුවෙ 10:14 - Sinhala New Revised Version සාවුල්ගේ බාප්පා කතා කොට, “ඔබ කොතැනට ගියහු දැ”යි සාවුල්ගෙන් ද වැඩකාරයාගෙන් ද ඇසුවේ ය. “අපි කොටළුවන් සොයන්නට ගියෙමු. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට ගියෙමු”යි සාවුල් පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 සාවුල්ගේ බාප්පා කතා කොට, “ඔබ කොතැනට ගියහු දැ”යි සාවුල්ගෙන් ද වැඩකාරයාගෙන් ද ඇසුවේ ය. “අපි කොටළුවන් සොයන්නට ගියෙමු. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට ගියෙමු”යි සාවුල් පිළිතුරු දුන්නේ ය. Sinhala Revised Old Version සාවුල්ගේ බාප්පා: නුඹලා කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය. |
ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, “ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.
සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.