1 ලේකම් 9:14 - Sinhala New Revised Version ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය; Sinhala New Revised Version 2018 ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය; Sinhala Revised Old Version ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය; |
දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.
මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:
මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.
බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය;
පිය පෙළපත්වල ප්‍රධානියන් වූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂිබ්ගේ පුත් ජෝහානාන්ගේ දවස් දක්වා ම ලේකම් පොතෙහි ලියවුණෝ ය.
ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.
ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.