Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:14 - Sinhala Revised Old Version

14 ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:14
13 හුවමාරු යොමු  

ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය.


මීකාද, රොහොබ්ද, හෂබියාද,


මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලීය, ඔහුගේ පුත්‍රයා ලිබ්නිය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය, ඔහුගේ පුත්‍රයා උස්සාය;


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මූෂීය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේය:


තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය.


තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය.


බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත්‍රවූ සික්රිගේ පුත්‍රයා වන මීකාගේ පුත්‍රවූ මත්තනියාය;


දහඅටවෙනි එක හනානිද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.


දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.


මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.


පියපෙළපත්වල ප්‍රධානියෝවූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂීබ්ගේ පුත්‍රවූ යොහානාන්ගේ දවස් දක්වාම ලේකම් පොතෙහි ලියවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්