ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 6:67 - Sinhala New Revised Version

මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ ඒකේ පිට-බිම්ද ගෙසෙර් සහ ඒකේ පිට-බිම්ද;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 6:67
10 හුවමාරු යොමු  

මෙලෙස ජාකොබ් මෙසොපොතේමියාවේ සිට ආපසු අවුත් කානාන් දේශයේ ෂෙකෙම් නුවරට සුවෙන් සැපත් ව, නුවර ඉදිරියෙහි සිය කඳවුර බැඳී ය.


ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.


මිසරයේ රජ වූ පාරාවෝ‍ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.


කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.


ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;


එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ;


ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.


එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.


මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද