1 ලේකම් 6:12 - Sinhala New Revised Version අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද; Sinhala New Revised Version 2018 අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද; Sinhala Revised Old Version අහිතූබ්ට දාව ශාදොක්ද ශාදොක්ට දාව ෂල්ලූම්ද; |
මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:
දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;
දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද
එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්-ශෝපීම්හි එල්කානා නම් මිනිසෙක් විය. ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; එප්‍රායිමියයෙකු වූ ශුප්ගේ ගෝත්‍රයේ තොහුගේ පවුලට අයත් එලීහුගේ මුණුබුරා ය.