ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:21 - Sinhala New Revised Version

ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:21
10 හුවමාරු යොමු  

ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.


ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;


ජුදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා ය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහුට දාව උපන්නෝ ය. ජුදාගේ කුලුඳුලා වූ ඒර් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ව සිටි බැවින් උන් වහන්සේ ඔහු නැසූ සේක.


ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන් ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-ශෝහෙත් ය.


ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.


ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය.


ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය.


හණ පීරන්නෝ ද හෙළ පුළුන් ගෙන රෙදි වියන්නෝ ද කලකිරෙන්නෝ ය;


පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;


කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.