ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 27:7 - Sinhala New Revised Version

හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 27:7
6 හුවමාරු යොමු  

ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.


ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් තිස්දෙනාගෙන් එක් කෙනෙක් ය. තවත් අයගේ නම් මෙසේ ය: බෙත්ලෙහෙම්හි දෝදෝගේ පුත් එල්හානාන් ය;


සේනාවල බලවන්තයෝ නම්: ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය; බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය;


බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ පංතියේ සිටියේ ය.


පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.