Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 27:7 - Sinhala Revised Old Version

7 හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:7
6 හුවමාරු යොමු  

සේනාවල බලවන්තයෝ නම්: යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, බෙත්-ලෙහෙමේ දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;


යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;


බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයාව තිස්දෙනා කෙරෙහි අධිපතියාව සිටියේය. ඔහුගේ පුත්‍රවූ අම්මිසාබාද් ඔහුගේ පංක්තියේ සිටියේය.


පස්වෙනි මාසයට පස්වෙනි අධිපතියා නම් ඉස්‍රාහිය ෂම්හුත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්