ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.
1 ලේකම් 21:22 - Sinhala New Revised Version එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය. Sinhala Revised Old Version එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය. |
ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.
ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
“මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. “වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි.
ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.
දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය.
ඔර්ණාන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ තුමාණෝ එය පිළිගෙන තමන්ට හොඳ යයි හිතෙන දේ කරත්වා. මෙන්න, දවන යාග පූජාවලට ගවයන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාවට තිරිඟු ද දෙමි; ඒ සියල්ල ම දෙමි”යි දාවිත්ට කීවේ ය.
ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.