Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 21:23 - Sinhala New Revised Version

23 ඔර්ණාන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ තුමාණෝ එය පිළිගෙන තමන්ට හොඳ යයි හිතෙන දේ කරත්වා. මෙන්න, දවන යාග පූජාවලට ගවයන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාවට තිරිඟු ද දෙමි; ඒ සියල්ල ම දෙමි”යි දාවිත්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔර්ණාන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ තුමාණෝ එය පිළිගෙන තමන්ට හොඳ යයි හිතෙන දේ කරත්වා. මෙන්න, දවන යාග පූජාවලට ගවයන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාවට තිරිඟු ද දෙමි; ඒ සියල්ල ම දෙමි”යි දාවිත්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔර්ණාන්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ ඒක පිළිගෙන තමන්ට හොඳව පෙනෙන දේ කෙරෙත්වා. මෙන්න, දවන පූජාවලට ගවයන්ද දර සඳහා මඩින උපකරණද ආහාර පූජාවට තිරිඟුද දෙමි; ඒ සියල්ලම දෙමියි දාවිත්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:23
8 හුවමාරු යොමු  

එවිට එලියා වෙතින් එලිෂා හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර, උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේ ය. ඔව්හු ද එය කෑවෝ‍ ය. පසු ව එලිෂා නැඟිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කෙළේ ය.


එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.


දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.


සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.


ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්