ශෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.
1 ලේකම් 2:7 - Sinhala New Revised Version කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය. Sinhala New Revised Version 2018 කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය. Sinhala Revised Old Version කැපවූ දේ ගැන අපරාධයක් කර ඉශ්‍රායෙල් කැලඹුවාවූ ආකාර් කර්මීගේ පුත්‍රයෙක්ය. |
ශෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.
විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක.
මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”
ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “
විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.
ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.