තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.
1 ලේකම් 2:21 - Sinhala New Revised Version පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය. Sinhala New Revised Version 2018 පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය. Sinhala Revised Old Version පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගූබ් උපන්නේය. |
තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.
මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය.
මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.
ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.