එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය.
1 ලේකම් 19:17 - Sinhala New Revised Version එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය. Sinhala New Revised Version 2018 එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය. Sinhala Revised Old Version එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩව ඔවුන් ළඟට ඇවිත්, ඔවුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියේය. එසේ දාවිත් සිරියවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටි විට ඔව්හු ඔහුට විරුද්ධව සටන්කළෝය. |
එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය.
සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.
එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය.
අම්මොන්වරු ද පිටතට අවුත් නගර දොරටුව ළඟ සටනට පෙළ ගැසී සිටියෝ ය. එහෙත්, පැමිණි රජවරු එළිමහනෙහි ඈත් වී සිටියෝ ය.