ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.
1 ලේකම් 17:23 - Sinhala New Revised Version “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව. Sinhala New Revised Version 2018 “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව. Sinhala Revised Old Version දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව. |
ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!
මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය.
එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක.
දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක.
ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, “එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.
මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.