Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:23 - Sinhala Revised Old Version

23 දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:23
10 හුවමාරු යොමු  

මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.


එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.


බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව.


ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.


මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් සදාකාලයටම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.


නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කී ඔබගේ වචනය මෙසේ ස්ථිරවේවා.


දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්